Sunday, January 9, 2022

ඉලක්කම්

  


 

  තනි  තනිව ගත් කළ 

  ඇතෙක් අඩු වටිනාකමක්

  විටෙක මැදට - අගට 

  මෙන්ම මුලට ද විත් 

  හිඳ පෙන්වයි

  මහා විස්කම් - ඉලක්කම්




     

              කාංචනා අබේකෝන් ✍️

හැඟුමක්



ඉන්නේ කොහොම ද ?

වාවනු කොහොම ද ?


කියා ගන්නට 

නොහැකි වදනක්

සිරව ඇත 

මේ ළයේ..


සැඳෑ අඳුරින්

ලොව ම 

වසන් 

කරනා 

මේ

හෝරාවේ..

මුව අග විකසිත

උණුසුම් 

හැඟුමක්

නුඹට

කියන්නයි

මං ආවේ ❤️

හොර රහසේ 😍






                කාංචනා අබේකෝන් ✍️

කවදා දෝ

                 


        වසන්තය කියන්නේ

        ජීවිතේ එන 

        ලස්සන ම ලස්සන කාලයක්..

        නමුදු

         ඒ 

         ලස්සන ම ලස්සන

         වසන්තය 

         සියැසින්

         දකින්නට

          මා 

          හට 

          වරම් ලැබෙන්නේ

                         කවදා දෝ ?





                කාංචනා අබේකෝන් ✍️

රෝස කඳුළ



සුවඳ 

සිනිඳු 

රෝස මලක් 

මඳ පවනේ 

හිනැහුනා..

පුංචි මලේ 

සුවඳ ගන්න 

සමනලයෙක් 

ඉඟි කළා..

සිනිඳු 

සුවඳ  

පෙති සේරම 

ගිලිහෙන බව 

වැටහුණා..

කඳුළුවලට 

සිනා සිසී 

සමනලයා

ඉගිල ගියා...





               කාංචනා අබේකෝන් ✍️


මිනිස් ගති



නළල සිප 

ගෙල සිඳින

විෂ ඝෝර 

නරුමකම

නිරුවතින් හිඳ 

අනුන්ගේ නිරුවතට 

සිනහ වෙන

වීදුරු නිවහන්හි දිවි ගෙවන

අනුන්ගේ නිවහනට

ගල් ගසන

කුහක ගති

රජකම් කරන

ලොවක අප දිවි ගෙවන...





              කාංචනා අබේකෝන් ✍️

දැන් කියමු




සෙනෙහස කිරි කඳුළු කර 

ජීවිතය දුන් 

අම්මාට..

දැන් කියමු 

පව් ටිකක් අරවන්න..

දුව පුතා රජුන්වනු දැක

හීනෙන් හිනා වුනු 

අප්පච්චීට..

දැන් කියමු 

ඇත්තටම හිනාවෙන්න..





              කාංචනා අබේකෝන් ✍️


නොසැලෙන සෙනෙහස




ගිනි කාෂ්ඨක 

අව් රශ්මියේ..

හිරිගඩු පූදින 

වැසි කුණාටුවේ..

ගව්වෙන් ගව්වට

දුර කතරක 

ඇවිදින..

ජීවන බර 

කරමත 

පින්නාගෙන..

කරගැට 

මතුවන දෙඅතත් 

පිරිමදිමින් හිනැහෙන.. 

පුංචි මන්දිරේ

දුක් ගැහැට නිවමින්..

චූටි කැදැල්ලේ 

නොසැලෙන 

සෙනෙහසේ

ප්‍රාකාරයයි 

නුඹ 

අප්පච්චී❤️





       කාංචනා අබේකෝන් ✍️

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....