Sunday, January 9, 2022

රෝස කඳුළ



සුවඳ 

සිනිඳු 

රෝස මලක් 

මඳ පවනේ 

හිනැහුනා..

පුංචි මලේ 

සුවඳ ගන්න 

සමනලයෙක් 

ඉඟි කළා..

සිනිඳු 

සුවඳ  

පෙති සේරම 

ගිලිහෙන බව 

වැටහුණා..

කඳුළුවලට 

සිනා සිසී 

සමනලයා

ඉගිල ගියා...





               කාංචනා අබේකෝන් ✍️


12 comments:

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....