බඩේ පහරක්
වැදුනා වාගේ
කඩේ බත්මුල්
අපට නෑනේ
ඇගේ වකුගඩු
තිබුණා වාගේ
විකුණලා ණය
ගෙවමි රාළේ
අනේ අපි අද
ඉඳන් පාරේ
පණේ නෑ
තොපි බීලා සාරේ
පෝර දුන්නෙත්
උබයි රාළේ
උබේ කීමට
අපිත් නෑවේ
සිංහලේ අපි
හැදුව හාලේ
ලෝ වටේටම
දුන්න හාලේ
විසිකළා තොපි
හතර ගාතේ
පෝර මුලකට
දුන්න කාලේ
කාංචනා අබේකෝන් ✍️