Showing posts with label පන්හිඳෙන් නිදහසේ කුරුටු ගාන්න ඉඩක්. Show all posts
Showing posts with label පන්හිඳෙන් නිදහසේ කුරුටු ගාන්න ඉඩක්. Show all posts

Sunday, January 9, 2022

පෝර



බඩේ පහරක් 

වැදුනා වාගේ

කඩේ බත්මුල්

අපට නෑනේ

ඇගේ වකුගඩු

තිබුණා වාගේ

විකුණලා ණය

ගෙවමි රාළේ 


අනේ අපි අද 

ඉඳන් පාරේ

පණේ නෑ

තොපි බීලා සාරේ

පෝර දුන්නෙත් 

උබයි රාළේ

උබේ කීමට 

අපිත් නෑවේ 


සිංහලේ අපි

හැදුව හාලේ

ලෝ වටේටම

දුන්න හාලේ

විසිකළා තොපි

හතර ගාතේ

පෝර මුලකට

දුන්න කාලේ



     

          


               කාංචනා අබේකෝන් ✍️


ඉලක්කම්

  


 

  තනි  තනිව ගත් කළ 

  ඇතෙක් අඩු වටිනාකමක්

  විටෙක මැදට - අගට 

  මෙන්ම මුලට ද විත් 

  හිඳ පෙන්වයි

  මහා විස්කම් - ඉලක්කම්




     

              කාංචනා අබේකෝන් ✍️

කවදා දෝ

                 


        වසන්තය කියන්නේ

        ජීවිතේ එන 

        ලස්සන ම ලස්සන කාලයක්..

        නමුදු

         ඒ 

         ලස්සන ම ලස්සන

         වසන්තය 

         සියැසින්

         දකින්නට

          මා 

          හට 

          වරම් ලැබෙන්නේ

                         කවදා දෝ ?





                කාංචනා අබේකෝන් ✍️

මිනිස් ගති



නළල සිප 

ගෙල සිඳින

විෂ ඝෝර 

නරුමකම

නිරුවතින් හිඳ 

අනුන්ගේ නිරුවතට 

සිනහ වෙන

වීදුරු නිවහන්හි දිවි ගෙවන

අනුන්ගේ නිවහනට

ගල් ගසන

කුහක ගති

රජකම් කරන

ලොවක අප දිවි ගෙවන...





              කාංචනා අබේකෝන් ✍️

දැන් කියමු




සෙනෙහස කිරි කඳුළු කර 

ජීවිතය දුන් 

අම්මාට..

දැන් කියමු 

පව් ටිකක් අරවන්න..

දුව පුතා රජුන්වනු දැක

හීනෙන් හිනා වුනු 

අප්පච්චීට..

දැන් කියමු 

ඇත්තටම හිනාවෙන්න..





              කාංචනා අබේකෝන් ✍️


නොසැලෙන සෙනෙහස




ගිනි කාෂ්ඨක 

අව් රශ්මියේ..

හිරිගඩු පූදින 

වැසි කුණාටුවේ..

ගව්වෙන් ගව්වට

දුර කතරක 

ඇවිදින..

ජීවන බර 

කරමත 

පින්නාගෙන..

කරගැට 

මතුවන දෙඅතත් 

පිරිමදිමින් හිනැහෙන.. 

පුංචි මන්දිරේ

දුක් ගැහැට නිවමින්..

චූටි කැදැල්ලේ 

නොසැලෙන 

සෙනෙහසේ

ප්‍රාකාරයයි 

නුඹ 

අප්පච්චී❤️





       කාංචනා අබේකෝන් ✍️

එපා කිව්වත්


නැගෙන්නට එපා කිව්වත් 

හිරු නැගෙනවා🌞

බැස යන්නට එපා කිව්වත්

සඳ බැස යනවා🌛

ගලන්නට එපා කිව්වත් 

නදී ගලනවා

සිඳෙන්නට එපා කිව්වත්

වැව් සිඳෙනවා

පූදින්නට එපා කිව්වත් 

මල් පූදිනවා🌼

දිලෙන්නට එපා කිව්වත් 

තරු දිලෙනවා☀️


සිතන්නට එපා කිව්වත් 

සිතිවිලි

දෝරේ 

ගලනවා 😍❤️





         කාංචනා අබේකෝන් ✍️

හිමිදිරිය




කුරුල්ලන්ගේ 

කීචී බීචි හඬ මැද්දේ

ළා හිරු කිරණත් 

මඳ නළ පවනත්

මීදුම් පටලයත් 

අතරින්

සීත පිනිබිඳු රැගත් 

හිමිදිරිය

කෙමෙන් කෙමෙන් 

පිල් කඩට 

දෝර ගලන්නේ 

සියලු සත හට 

සෙනෙහස 

පතුරවමිනි..


           




                කාංචනා  අබේකෝන්✍️

Tuesday, December 7, 2021

සමුගන්න අවසරයි දැන්

 


දහතුන් වසරක මතකයට

සංසාරගත බැඳීමට 

මම තවමත් 

පණවගේ ආදරෙයි...

කෙසේ අමතක කරන්නද

ඒ සොඳුරු අතීතය...

වරක් නොව

සිය දහස් වරක්

දැනෙයි ඔබේ උණුහුම 

මා හදට...

පායන ඉර හඳ තරුවැල් 

ළඟට ගෙනත් බෙදන...

සුපිපුණු වනමල් තුරු ඵල 

සුවඳ කවා සැනසුම් දෙන...

දිවියම හැඩ කරවාලන්නට

මේ කුරිරු ලොවෙන් ජයගන්නට

අලුත් ඇසක් මවලා දුන් 

ඔබේ ඒ යහගුණදම් මිස 

අන් කවරක් පිහිට වෙත්ද ?

පාසල් මව්නි,

නුඹ ගැන මතකය ස්නේහය

සැමදා  රැඳේවි මා හදේ...

අවසරයි සමුගන්න 

වෙන කුමක් කරමි මම ......





              කාංචනා අබේකෝන් ✍️






Saturday, November 6, 2021

මිනිස් වෙස්ගත් නොමිනිසුන්

 


දෑත් සියුමැලි

සිත් ගොරෝසු

විෂඝෝර 

මිනිස් 

වෙස්ගත්

නොමිනිසුන්ගේ

දඩබ්බර

දිවි 

අතර

දෑත් කරගැට

සිත් අහිංසක 

වසන්තය සොයා

පිය මනින

සිත් සංවේදී 

මිනිසුන්

සිටී

මෙලෙසේ...


        

            කාංචනා අබේකෝන් ✍️

























Thursday, November 4, 2021

ඇය නමින් අම්මා


නින්ද නොයන

ඇයට

රාත්‍රිය

නඩුහබ 

විසදන

උසාවියක් 



       කාංචනා අබේකෝන් ✍️








Wednesday, November 3, 2021

අප්පච්චී


 දෙඅතේ කරගැට

හදේ කැටිකොට

දෙඅතේ විරියෙන්

                     අප්පච්චී

ගතේ දහබිදු

හිතේ හයියෙන්

රුපියලට පන දුන් 

                     අප්පච්චී

කෙළිලොල් සිනහවට

විදි දුක් ගැහැට

වසන් කරනා 

                    අප්පච්චී

බුදු පුතකු වන 

පැතුමන්

අත්හැරියදෝ 

         මගෙ අප්පච්චී ❤️🌹❤️


    

    කාංචනා අබේකෝන් ✍️











Tuesday, November 2, 2021

ගොළුවෙලා

ගෙවී ගොස් 

හෝරා දෙක තුනක්

නිදිවරා මා 

හිදිමි

තව තවත්

නමුදු

නැත

සිතට ළංවුණේ 

ගොතන්නට 

පදවැලක්

ගොළුවෙලා

මසිත 

මේ 

රාත්‍රියේ...




       
     
          කාංචනා අබේකොන්  ✍️

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....