Sunday, January 9, 2022

දැන් කියමු




සෙනෙහස කිරි කඳුළු කර 

ජීවිතය දුන් 

අම්මාට..

දැන් කියමු 

පව් ටිකක් අරවන්න..

දුව පුතා රජුන්වනු දැක

හීනෙන් හිනා වුනු 

අප්පච්චීට..

දැන් කියමු 

ඇත්තටම හිනාවෙන්න..





              කාංචනා අබේකෝන් ✍️


නොසැලෙන සෙනෙහස




ගිනි කාෂ්ඨක 

අව් රශ්මියේ..

හිරිගඩු පූදින 

වැසි කුණාටුවේ..

ගව්වෙන් ගව්වට

දුර කතරක 

ඇවිදින..

ජීවන බර 

කරමත 

පින්නාගෙන..

කරගැට 

මතුවන දෙඅතත් 

පිරිමදිමින් හිනැහෙන.. 

පුංචි මන්දිරේ

දුක් ගැහැට නිවමින්..

චූටි කැදැල්ලේ 

නොසැලෙන 

සෙනෙහසේ

ප්‍රාකාරයයි 

නුඹ 

අප්පච්චී❤️





       කාංචනා අබේකෝන් ✍️

එපා කිව්වත්


නැගෙන්නට එපා කිව්වත් 

හිරු නැගෙනවා🌞

බැස යන්නට එපා කිව්වත්

සඳ බැස යනවා🌛

ගලන්නට එපා කිව්වත් 

නදී ගලනවා

සිඳෙන්නට එපා කිව්වත්

වැව් සිඳෙනවා

පූදින්නට එපා කිව්වත් 

මල් පූදිනවා🌼

දිලෙන්නට එපා කිව්වත් 

තරු දිලෙනවා☀️


සිතන්නට එපා කිව්වත් 

සිතිවිලි

දෝරේ 

ගලනවා 😍❤️





         කාංචනා අබේකෝන් ✍️

හිමිදිරිය




කුරුල්ලන්ගේ 

කීචී බීචි හඬ මැද්දේ

ළා හිරු කිරණත් 

මඳ නළ පවනත්

මීදුම් පටලයත් 

අතරින්

සීත පිනිබිඳු රැගත් 

හිමිදිරිය

කෙමෙන් කෙමෙන් 

පිල් කඩට 

දෝර ගලන්නේ 

සියලු සත හට 

සෙනෙහස 

පතුරවමිනි..


           




                කාංචනා  අබේකෝන්✍️

අහවරයි





සොයමි 

සිව් දෙසම 

නුඹ.. 

දැනෙයි 

නුඹේ 

සුවඳ.. 

නොගැසුනෙම් 

නුඹේ 

රුව.. 

නොඇසුනෙමි 

නුඹේ 

හඬ.. 

මුළු 

ලොව ම 

බිඳී ගොස්

මා

පාමුළ වැටී..

මේ 

ආත්මයේ 

මා සන්තක සියල්ල 

අහිමි වී ගොස් 

අහවරය...










                 කාංචනා අබේකෝන් ✍️

Saturday, January 8, 2022

ගුවන් තලේ - දිලෙන තරුව




පුන් සඳ මෙන් 

ගුවන් තලේ 

දිලෙන තරුව 

නුඹයි

සිරිලක් මාතාව 

දැනුමින් 

පෝෂණයට  

මඟ පෑදූ 

මහා පඬිවරයා 

නුඹයි

පිට දේශකයන්ගේ 

යටත් විජිතයක් වූ 

අපේ පුංචි රටට 

නිදහස් අධ්‍යාපනය 

ලබා දීමට 

වෙර දරුවේ 

ඔබ 

හැර 

අන් කවරෙක් ද?

දස දහස් ගණනකගේ 

ජීවිත 

අඳුරට යමින් 

තිබිය දී 

මිණි පහන් වැටක් වී 

නෙත් 

ආලෝකය 

විවර කළ 

ඒ 

මුනිවරයා 

ඔබයි

සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිඳුනි

සිරිලක් මෑණියන්ගේ 

දරු දැරියන් ලෙස 

අප 

සැමදා 

ඔබට 

ණයගැතියි  

ඔබගේ නාමය 

සදා අමරණීයයි





                                                      කාංචනා අබේකෝන් ✍️


Tuesday, December 7, 2021

සමුගන්න අවසරයි දැන්

 


දහතුන් වසරක මතකයට

සංසාරගත බැඳීමට 

මම තවමත් 

පණවගේ ආදරෙයි...

කෙසේ අමතක කරන්නද

ඒ සොඳුරු අතීතය...

වරක් නොව

සිය දහස් වරක්

දැනෙයි ඔබේ උණුහුම 

මා හදට...

පායන ඉර හඳ තරුවැල් 

ළඟට ගෙනත් බෙදන...

සුපිපුණු වනමල් තුරු ඵල 

සුවඳ කවා සැනසුම් දෙන...

දිවියම හැඩ කරවාලන්නට

මේ කුරිරු ලොවෙන් ජයගන්නට

අලුත් ඇසක් මවලා දුන් 

ඔබේ ඒ යහගුණදම් මිස 

අන් කවරක් පිහිට වෙත්ද ?

පාසල් මව්නි,

නුඹ ගැන මතකය ස්නේහය

සැමදා  රැඳේවි මා හදේ...

අවසරයි සමුගන්න 

වෙන කුමක් කරමි මම ......





              කාංචනා අබේකෝන් ✍️






😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....