Saturday, January 8, 2022

ගුවන් තලේ - දිලෙන තරුව




පුන් සඳ මෙන් 

ගුවන් තලේ 

දිලෙන තරුව 

නුඹයි

සිරිලක් මාතාව 

දැනුමින් 

පෝෂණයට  

මඟ පෑදූ 

මහා පඬිවරයා 

නුඹයි

පිට දේශකයන්ගේ 

යටත් විජිතයක් වූ 

අපේ පුංචි රටට 

නිදහස් අධ්‍යාපනය 

ලබා දීමට 

වෙර දරුවේ 

ඔබ 

හැර 

අන් කවරෙක් ද?

දස දහස් ගණනකගේ 

ජීවිත 

අඳුරට යමින් 

තිබිය දී 

මිණි පහන් වැටක් වී 

නෙත් 

ආලෝකය 

විවර කළ 

ඒ 

මුනිවරයා 

ඔබයි

සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිඳුනි

සිරිලක් මෑණියන්ගේ 

දරු දැරියන් ලෙස 

අප 

සැමදා 

ඔබට 

ණයගැතියි  

ඔබගේ නාමය 

සදා අමරණීයයි





                                                      කාංචනා අබේකෝන් ✍️


2 comments:

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....