Tuesday, December 7, 2021

සමුගන්න අවසරයි දැන්

 


දහතුන් වසරක මතකයට

සංසාරගත බැඳීමට 

මම තවමත් 

පණවගේ ආදරෙයි...

කෙසේ අමතක කරන්නද

ඒ සොඳුරු අතීතය...

වරක් නොව

සිය දහස් වරක්

දැනෙයි ඔබේ උණුහුම 

මා හදට...

පායන ඉර හඳ තරුවැල් 

ළඟට ගෙනත් බෙදන...

සුපිපුණු වනමල් තුරු ඵල 

සුවඳ කවා සැනසුම් දෙන...

දිවියම හැඩ කරවාලන්නට

මේ කුරිරු ලොවෙන් ජයගන්නට

අලුත් ඇසක් මවලා දුන් 

ඔබේ ඒ යහගුණදම් මිස 

අන් කවරක් පිහිට වෙත්ද ?

පාසල් මව්නි,

නුඹ ගැන මතකය ස්නේහය

සැමදා  රැඳේවි මා හදේ...

අවසරයි සමුගන්න 

වෙන කුමක් කරමි මම ......





              කාංචනා අබේකෝන් ✍️






Saturday, November 6, 2021

මිනිස් වෙස්ගත් නොමිනිසුන්

 


දෑත් සියුමැලි

සිත් ගොරෝසු

විෂඝෝර 

මිනිස් 

වෙස්ගත්

නොමිනිසුන්ගේ

දඩබ්බර

දිවි 

අතර

දෑත් කරගැට

සිත් අහිංසක 

වසන්තය සොයා

පිය මනින

සිත් සංවේදී 

මිනිසුන්

සිටී

මෙලෙසේ...


        

            කාංචනා අබේකෝන් ✍️

























Thursday, November 4, 2021

ඇය නමින් අම්මා


නින්ද නොයන

ඇයට

රාත්‍රිය

නඩුහබ 

විසදන

උසාවියක් 



       කාංචනා අබේකෝන් ✍️








Wednesday, November 3, 2021

අප්පච්චී


 දෙඅතේ කරගැට

හදේ කැටිකොට

දෙඅතේ විරියෙන්

                     අප්පච්චී

ගතේ දහබිදු

හිතේ හයියෙන්

රුපියලට පන දුන් 

                     අප්පච්චී

කෙළිලොල් සිනහවට

විදි දුක් ගැහැට

වසන් කරනා 

                    අප්පච්චී

බුදු පුතකු වන 

පැතුමන්

අත්හැරියදෝ 

         මගෙ අප්පච්චී ❤️🌹❤️


    

    කාංචනා අබේකෝන් ✍️











Tuesday, November 2, 2021

ගොළුවෙලා

ගෙවී ගොස් 

හෝරා දෙක තුනක්

නිදිවරා මා 

හිදිමි

තව තවත්

නමුදු

නැත

සිතට ළංවුණේ 

ගොතන්නට 

පදවැලක්

ගොළුවෙලා

මසිත 

මේ 

රාත්‍රියේ...




       
     
          කාංචනා අබේකොන්  ✍️

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....